fbpx
මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

මැලේසියාවේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

කොවිඞ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අද උදෑසන දිවයිනට පැමිණියා.

ඒ, යූ.එල්. 319 දරණ යානයෙන් ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇත්තේ අද උදෑසන 8.52ටයි.

රැකියා සඳහා මෙන්ම උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මැලේසියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

Share This