fbpx
මැරඩෝනා අවසන් ගමන් යයි (PHOTOS)

මැරඩෝනා අවසන් ගමන් යයි (PHOTOS)

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන මැරඩෝනා ගේ අවසන් කටයුතු ඊයේ දින බුවනොස් අයරෙස්හි සිදුකර තිබෙනවා

පෞද්ගලික මට්ටමෙන් සිදුකෙරුණු අවසන් කටයුතු සඳහා සහභාගී වී තිබුණේ සමීප ඥාති මිත්‍රාදීන් 24ක් පමණ පිරිසක් බව විදෙස් වාර්තා සඳහන් කරනවා

ඊට කලින් මැරඩෝනා ගේ දේහය බුවනොස් අයරෙස්හි ජනාධිපති මන්දිරයේ තැන්පත් කර තිබුණු අතර, අවසන් ගෞරව දැක්වීමට සෙනඟ දහස් ගණනක් ඇදී ආ බව ඒජන්සි වාර්තා වල දැක්වෙනවා

මැරඩෝනාගේ දේහය අසලින් ගමන් ගත් ඇතැම් රසිකයන් හඬා වැළපුණු අතර තවත් පිරිසක් එකිනෙකා සිප වැළඳ ගනිමින් ඔවුන්ගේ ශෝකය පළ කර තිබෙනවා

හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් ඔහු 60 වෙනි වියේ පසු වුණා

Share This