fbpx
මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරපු පක්ෂ ලේකම්වරුන්ගේ ඉල්ලීම

මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරපු පක්ෂ ලේකම්වරුන්ගේ ඉල්ලීම

පසළොස්වක පොහොය යෙදෙන අගෝස්තු 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගියදා පැවති රැස්වීමකදී අදාළ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා තත්ත්වය සලකා සිය ප්‍රචාරක කටයුතු නිසිලෙස සිදුකරගෙන යෑමට නොහැකි වූ නිසා අගෝස්තු 03 වැනිදා ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙසයි.

එහෙත්, පවතින නීතිමය බාධා සහ ආගමික කටයුතුවලට බාධාවීම් සිදුවිය හැකි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටිනවා.

ඒ අනුව ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රි දොලහට පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

Share This