fbpx
මහනුවර-කුරුණෑගල මාර්ගයේ කොටසක් ගිලා බසියි

මහනුවර-කුරුණෑගල මාර්ගයේ කොටසක් ගිලා බසියි

මහනුවර කුරුණෑගල මාර්ගයේ වතුවල ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද 27 අළුයම ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

මෙම මාර්ගයට ඉදි කර තිබූ ආරක්ෂිත බැම්මක් සමඟ අද 27වනදා අළුයම මෙම මාර්ගයේ කොටසක් ගිලා බැසීමකට ලක්ව ඇති අතර මාර්ගය තුළට ජලය කාන්දු වීම මෙලෙස ගිලා බැසීමට හේතු විය හැකි බව විශ්වාස කෙරෙනවා.

කෙසේ නමුත් මෙම මාර්ගයේ වාහන ගමනාගමනය මෙම කොටසේ එක් මංතීරුවකට සීමා කර ඇති බැවින් මාර්ගයේ ගමන් ගන්නා වාහන අවධානයෙන් ධාවනය කළ යුතු බව කටුගස්තොට පොලිසිය රියදුරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Share This