fbpx
මහජනතාවට ජනාධිපති කාර්යාලය හා සම්බන්ධ වීමට අවස්ථාව

මහජනතාවට ජනාධිපති කාර්යාලය හා සම්බන්ධ වීමට අවස්ථාව

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනාධිපති කාර්යාලයේ සේවා සඳහා තැපෑලෙන් දුරකතනයෙන් හා විද්‍යුත් තැපැල් සේවය ඔස්සේ මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය 011 4 354 550 / 011 2 354 550 යන දුරකතන අංක ඔස්සේත් ඔම්බුස්මන් කාර්යාලය 011 2 338 073 යන දුරකතන අංකය ඔස්සේත් සම්බන්ධ කරගත හැකිය.

ජනාධිපති අරමුදල සඳහා 011 2 354 354 අමතා 4800 සහ 4814 යන දිගු අංක අමතන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්,

Share This