fbpx
මස්කෙළියෙන් කොටියෙකුගේ සිරුරක් හමුවෙයි

මස්කෙළියෙන් කොටියෙකුගේ සිරුරක් හමුවෙයි

හිසට වෙඩි තබා ඝාතනය කර තිබු කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් මස්කෙලිය බ්‍රවුන්ලෝ තේ වත්තේ තිබී හමු වී තිබෙනවා

නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක, ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසා සිටියේ එම සිරුර ඊයේ දිනයේ දී සොයා ගත් බවයි .

මස්කෙළිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ තේ වත්තේ පාසලට ඉහළින්, මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දී තිබෙන බවත් අවුරුදු 06 ක් පමණ වයසැති කොටි ධේනුව හොඳින් වැඩුණු සතෙකු බවත්, කොටි ධේනුවගේ හිසට වෙඩි තුනක් එල්ල වී ඇති බවත් ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටිනවා

කොටි ධේනුවට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා

Share This