fbpx
මවුආර ජල පෝෂක ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලයි

මවුආර ජල පෝෂක ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලයි

අද අලුයම මවුආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ පවත්වාගෙන ගංජා හේන් දෙකක් සූරියවැව හා උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා මවුආර වනජීවි නිලධාරීන් එක්ව වටලා තිබෙනවා.

මවුආර වනජීවි රක්ෂිතය තුළ රහසිගතව ගංජා හේන් පවත්වාගෙන යන බවට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට ලද ඔත්තුවකට අනුව මෙම වැටලීම කර ඇති අතර අක්කර කාල බැගින් පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක , අඩි දෙකහමාර හා එකහමාර ප්‍රමාණයේ ගංජා ගස් 10,185ක් ගලවා ගිනි තබා විනාශ කල බවයි අප වාර්තාකරු පැවසුවේ.

හේන් දෙකෙන් ලබා ගත් ගංජා පැළ සාම්පල අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මවුආර අඩවි වන කාර්යාලය වෙත බාර දී තිබෙනවා.

Share This