fbpx
මඟුල් ගෙදර ගිය සිසුවා ගේ මළසිරුර පාළු ළිඳකින් හමුවෙයි (PHOTOS)

මඟුල් ගෙදර ගිය සිසුවා ගේ මළසිරුර පාළු ළිඳකින් හමුවෙයි (PHOTOS)

කිලිනොච්චිය ප්‍රදේශයේ පාළු ළිඳකින් වයස අවුරුදු 18 ක සිසුවෙකුගේ මළ සිරුරක් කිලිනොච්චිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පසුගිය 23 වැනිදා කිලිනොච්චියේ කට්ටිකාඩු ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ මොහානාදන් දර්ශන් නම් තරුණයා නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් ඔහු‍ගේ ඥාතීන් විසින් ඒ පිළිබද පොලිසිය දැනුවත් කර තිබුණා.

ඒ අනුව ඊයේ දිනයේදී එම අතුරුදන් වූ සිසුවාගේ සිරුර පාළු ළිදකින් සොයාගෙන තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Share This