fbpx
මංතීරු නීතිය කඩ කළොත් රුපියල් 2000 ක දඩයක්

මංතීරු නීතිය කඩ කළොත් රුපියල් 2000 ක දඩයක්

මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන්  එළැඹෙන සඳුදා දින (21) සිට දඩ අය කරන බව, පොලීසිය පවසනවා

රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන්,රුපියල් 2,000 ක දඩයක් අය කරන බවයි.

මේ අතර, ක්‍රියාත්මක මංතීරු නීතිය පිළිබඳ සොයා බැලීමට යුද හමුදා පොලීසිය යොදවා තිබෙනවා

පොලීසිය පවසන්නේ , තෝරාගත් ස්ථාන 20 ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බවත් මීට අමතරව මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල තත්ත්වයන් බැලිමට ගුවන් හමුදා ඩ්‍රෝන යානා සහිත කණ්ඩායම් 04ක් ක්‍රියාත්මක බව ද පොලීසිය පවසනවා

මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී කරගැනීමට කටයුතු කරන බව ද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා

Share This