fbpx
මංතීරු නීතියේ තුන්වන අදියර ජුනි 29 සඳුදා

මංතීරු නීතියේ තුන්වන අදියර ජුනි 29 සඳුදා

බස් මංතීරු නීතියේ තුන්වන අදියර ජුනි 29 සඳුදා සිට ක්‍රියාත්මක වන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා

සඳුදා උදෑසන 6 සිට කොළඹ ඉඟුරු කඩේ හන්දියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් විදිය , මාලිගාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක වීමට නියමිතයි .

පෞද්ගලික බස් රථ ,ලංගම බස් රථ,ආසන 20ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ ,පාසැල් ළමුන් ප්‍රවාහන සේවා බස් රථ සහ වෑන් රථ, මෙදින සිට අදාළ මංතීරුවේ පමණක් ගමන් කල යුතු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share This