fbpx
බේද අවසන් කර සටනට සැරසෙන්න – ජෝ බයිඩ්න්

බේද අවසන් කර සටනට සැරසෙන්න – ජෝ බයිඩ්න්

භේදකාරී කාල පරිච්ඡේදය අවසන් කරමින් කොවිඩ් – 19 වසංගතය පරාජය කිරීමේ සටනට සූදානම් වන ලෙස ජෝ බයිඩ්න් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අභිනවයෙන් තේරීපත් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදු කරමින් පවසා ඇත්තේ, අමෙරිකානුවන් වන අපට යුද්ධය ඇත්තේ, වෛරසය සමග මිස එකිනෙකා සමග නොවන බවයි.

තවද භේදකාරී කාල පරිච්ඡේදය ආලෝකයේ හා එකමුතුවේ වසරකට මග පාදනු ඇතැයි, තමන් තරයේ විශ්වාස කරන බව ද ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිත නව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වසංගත තත්ත්තවය හේතුවෙන් අමෙරිකානුවන්ට වේදනාව, අලාභය සහ කලකිරීම මෙන්ම වටිනා ජීවිත ද අහිමි වූ බව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ සඳහන්ව ඇති බවයි.

Share This