fbpx
බෙල්ජියමේ රජු පිලිප්ගේ කණගාටුව

බෙල්ජියමේ රජු පිලිප්ගේ කණගාටුව

යටත් විජිත සමයේ කොංගෝ වැසියන්ගේ “ප්‍රචණ්ඩ ක්‍රියා” සහ “දුක් විඳීම” ගැන බෙල්ජියමේ රජු පිලිප් සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා .

බෙල්ජියමෙන් නිදහස ලබා 60 වන සංවත්සරය වෙනුවෙන් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති ෆීලික්ස් ෂිසෙකෙඩි වෙත ලිපියක් යවමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

1880 ගණන් වලදී බෙල්ජියමේ II වන ලියෝපෝල්ඩ් රජු ඩී.ආර්.කොංගෝවෙහි විශාල ප්‍රමාණයක් අත්පත් කර ගත්තා.

එහිදී ඔහුගේ පාලනය යටතේ අප්‍රිකානුවන් මිලියන 10 ක් පමණ ඝාතනයට ලක්වි තිබෙනවා .

බෙල්ජියම් මාධ්‍ය වාර්තා “අතීතයේ සිදු වූ මෙම තුවාල පිළිබඳව මාගේ කණගාටුව ප්‍රකාශ කිරීමට මම කැමතියි. අපේ සමාජවල තවමත් පවතින වෙනස්කම් කිරීම් හේතුවෙන් දැන් එහි වේදනාව යථා තත්වයට පත් වී තිබේ” යනුවෙන් පිලිප් රජුගේ ලිපිය උපුටා දක්වා තිබෙනවා .

යටත් විජිත යුගයේ සිදු වූ කුරිරුකම් පිළිබඳව විධිමත් ලෙස පසුතැවිලි වූ පළමු බෙල්ජියම් රජතුමා ඔහුයි.

Share This