fbpx
බීමත්ව මගී බස් රථයක් පැදවූ රියදුරුට ලැබුණු දඬුවම

බීමත්ව මගී බස් රථයක් පැදවූ රියදුරුට ලැබුණු දඬුවම

බීමත්ව මගී බස් රථයක් පැදවූ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය තහනම් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කර තිබෙනවා.
රියදුරු බලපත්‍රය තහනම් කල පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය සිකුරාදා මහනුවර සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් දඹුල්ල නගර මධ්‍යයේදී පරීක්ෂා කිරීමේදී ඔහු අධික බීමතින් සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව දඹුල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරුණා.

Share This