fbpx
බින්ලාඩන්ව මැරුවේ නැහැ, ඔබාමා කළේ බොරුවක් – ජනපති ට‍්‍රම්ප් හෙළි කරයි

බින්ලාඩන්ව මැරුවේ නැහැ, ඔබාමා කළේ බොරුවක් – ජනපති ට‍්‍රම්ප් හෙළි කරයි

අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් ඝාතනය කළ බවට හිටපු ජනපති බරක් ඔබාමා කළ ප‍්‍රකාශය මුළුමනින්ම බොරුවක් බව ජනපති ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.

බින්ලාඩන් තවදුරටත් ජීවත්ව සිටින බව ට‍්‍රම්ප් තවදුරටත් දක්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමරිකානු සීල් බළකායේ හිටපු භටයකු වූ රොබට් වූනිල් පැවසුවේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශය ද බොරුවක් බවයි. තමා බින්ලාඩන්ට වෙඩි තැබූ බවද ඔහු කියා තිබෙනවා. එහෙත් ට‍්‍රම්ප් පැවසුවේ බරක් ඔබාමා සහ හිටපු උප ජනපති ජෝ බයිඩන් සීල් බලකාය යවා බින්ලාඩන් මැරූ බවට ප‍්‍රචාරක මෙහෙයුමක් දියත් කළ බවයි.

මෙහිදී ට‍්‍රම්ප් තවදුරටත් දක්වා ඇත්තේ බින්ලාඩන්ගේ රුවට සමාන රුවක් ඇති අයෙකු ඝාතනය වූ බවයි.

Share This