fbpx
බිත්තියක් කඩා වැටීමෙන් 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

බිත්තියක් කඩා වැටීමෙන් 8 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

කිලිනොච්චි තොන්ඩමන්නගර් ප්‍රදේශයේ  ඉදි කර තිබූ තාවකාලික නිවසක බිත්තිය කඩා වැටීමෙන් 8 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අදාළ නිවසේ බිත්තිය තෙත් වී කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදු වන අවස්ථාවේ අදාළ පිරිමි දරුවා ආහාර ගනිමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේවෙතත් අසල්වැසියන්ගේ උපකාරයෙන් දරුවා කිලිනොච්චි රෝහලට ගෙන ගෙන ගොස් තිබුණද එහිදී දරුවා මිය ගොස් තිබෙනවා.

අධික වර්ෂාව පවතින කාලයට ප්‍රදේශයේ ගංවතුර ජලය එකතැන පල්වීමේ ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කලද ඊට නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයේ ජනතාව පිඩාවට පත්වන බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Share This