
බැංකු පොලී අනුපාත අඩු කිරීමෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කාර්තු දෙක තුළ වර්ධනයක්
බැංකු පොලී අනුපාත පහත හෙලීම තුළින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කාර්තු දෙක තුළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා කළ 11.5%ක් වූ ඍණ ආර්ථික වර්ධනය මෙම වසරේ එම කාලය තුළ 3.1%ක ඍණ වර්ධනයක් සටහන් කරමින් වර්ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.
ඒ අනුව කෘෂිකාර්මික, නවාතැන් සහ ආහාර ක්ෂේත්‍ර එම වර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් සංචාරකයින් පැමිණීමත් සමග 34.2%කින් වර්ධනය වී ඇති ආහාර සහ නවාතැන් ක්ෂේත්‍රය තව දුරටත් වර්ධනය කිරීමට සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා