fbpx
බඹරුන්ගෙන් බේරීමට අලුත් ඇඳුමක්

බඹරුන්ගෙන් බේරීමට අලුත් ඇඳුමක්

තේ වතු කම්කරුවන් බඹර ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දී තිබෙනවා .

එය ලබාදී තිබෙන්නේ තේ හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය විසින්.

මෙම ඇඳුම කම්කරුවන්ගේ සම්පුර්ණ සිරුර ආවරණය වන පරිදි නිර්මාණය කර තිබෙනවා

යම් අවස්ථාවක බඹර ප්‍රහාරයක් සිදු වුවහොත් එක වරම මුහුණ ප්‍රදේශය පමණක් දැල් ආවරණයෙන් වසා ගැනීමට හැකි ලෙස මෙය නිර්මාණය කර තිබෙන්නේ .
තේ වතුවල සේවය කරන කම්කරු ජනතාව බොහෝ අවස්ථාවල බඹර ප්‍රහාරයන්ට ලක්වීම නිසා දැඩි පීඩාවට පත්වෙන හෙයින් මෙම ඇඳුම් කට්ටල නියමු ව්‍යාපෘතියක් ලෙස ලබා දී ඇති අතර, කිසියම් අපහසුවක් හෝ වැඩට බාධාවක් සිදුවන්නේ නම් ඇඳුම් කට්ටල වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවද පාලන අධිකාරිය වැඩිදුරටත් පවසා තිබෙනවා

Share This