fbpx
බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් වැළඳී මරුට

බඩේ අමාරුවට නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගියා කොවිඩ් වැළඳී මරුට

උදරයේ අබාදයකට ප්‍රතිකාර ගැනීම සඳහා නාවලපිටිය මහ රෝහලේට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා නිදන් ගත වකුගඩු රෝගය උත්සන්න වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයා පසුගිය 04 වන දින උදරයේ ආබාදයකට ප්‍රතිකාර ලබා ගැනීමට නාවලපිටිය මහ රෝහල වෙත පැමිණ තිබූ අතර ඔහුව නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 84 හැවිරිදි උලපනේ මාවතුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු නිරෝධායන උපදෙස් අනුව අද සිදු කර තිබෙනවා.

Share This