fbpx
පාස්කු කොමිසමේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ දිනෙන් අවසන්

පාස්කු කොමිසමේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ දිනෙන් අවසන්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම ඊයේ (19) දිනයෙන් අවසන් කළ බව කොමිසන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේවෙතත් අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව කටයුතු කළ ශානී අබේසේකර මහතා ඊයේ දිනයේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණීමට නියමිතව තිබුණ ද ඔහු එම අවස්ථාවට සහභාගී වී නොමැති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

ඉදිරි දින කිහිපයේ දී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

Share This