fbpx
පාසල් තුළ කොරෝනා මර්දනයට නිසි පියවර ගන්නැයි ඉල්ලා  ඉතාලියේ පාසල් සිසුන් වීදි බසයි

පාසල් තුළ කොරෝනා මර්දනයට නිසි පියවර ගන්නැයි ඉල්ලා ඉතාලියේ පාසල් සිසුන් වීදි බසයි

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලිය පසුගිය 14 වන දින පාසල් විවෘත කර ඇති අතර සති දෙකක් ඉක්මවීමට මත්තෙන් නව කොරෝනා ආසාදිතයින් පාසල් තුළින් හමුවෙමින් පවතිනවා.

මෙලෙස පාසල් අනාරක්ෂිතව ඇති බව පවසමින් ඊට නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා මිලාන් නුවර විරෝධා රැළි සමුහයක් එරට සිසුන්,ගුරුවරුන් සහ දෙමාපියන් විසින් ආරම්භ කර තිබෙනවා.

මෙම උද්ගෝෂණ හරහා ඔවුන් ඉල්ලා සිටින්නේ කොරෝනා වසංගතයෙන් තොර කළාපයක් බවට පාසල් පත් කිරීම සඳහා රජය අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවයි

Share This