fbpx
ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු

සහල් සඳහා පනවා ඇති පාලන මිලට වඩා වැඩි මිලට සිල්ලර වෙළඳසැල්වලට සහල් සැපයූ දිවයිනේ ප්‍රසිද්ධ සහල් නිෂ්පාදන ආයතනයකට නඩු පැවරූ බව පුත්තලම පාරිභෝගික අධිකාරිය පවසනවා.

පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් මෙම මාසය තුළ පාලන මිළ අභිබවා සහල් අලෙවිකළ වෙළඳසැල් 65ක් වටලා එම වෙළඳසැල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබුණා.

එම වෙළඳසැල් හිමියන්ගේ චෝදනාව වූයේ මෝල් හිමියන්ගෙන් තමන්ට ලැබෙන තොග මිළ ගනන් වලට අනුව රජයෙන් නියම කර ඇති පාලන මිලට අලවිකළ නොහැකි බවයි.

මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ තොග වශයෙන් සහල් නිකුත් කරන ආයතනයක් වැටලීමේදී කීරී සම්බා සහල් ඇසුරුම්වල රුපියල් 120ක් ලෙස මිළ සඳහන්ව තිබියදී ඊට මතුපිටින් රුපියල් 140ක් ලෙස මුද්‍රණය කළ ස්ටිකර් අලවා සහල් සපයා තිබූබව පාරිභෝගික අධිකාරිය පවසනවා.

මේ අනුව මෙම නීතිවිරෝධී කටයුත්ත සිදුකරනු ලබන සියලුම මෝල් හිමියන් සහ වෙළඳසැල් හිමියන් නීතියේ රැහැනට හසුකර ගන්නා බව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය පැවසුවා.

Share This