fbpx
පළි ගන්නවා – ඉරානය අනතුරු අඟවයි

පළි ගන්නවා – ඉරානය අනතුරු අඟවයි

තම රටේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොෂේන් ෆක්රිසාඩේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළි ගන්නා බව ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා සෙයිඩ් අල් කමෙයිනී පවසනවා.

නාඳුනන ප්‍රහාරකයන් පිරිසක් විසින් ෆක්රිසාඩේ ගමන් ගත් මෝටර් රථයට එරට අගනුවරට ආසන්න නගරයකදී ප්‍රහාරයක් එල්ල කර තිබුනා. පසුව ඔහුව රෝහල්ගත කළ ද එහිදී මියගොස් තිබෙනවා.

ඉරානය පවසන්නේ මෙම ඝාතනය පිටුපස ඊශ්‍රායලය සිටින බවයි.

තම ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයාව ඝාතනය කෙරුණ ද එරට විද්‍යාත්මක කටයුතු නොකඩවා සිදුකරන බව ඉරාන අධ්‍යාත්මික නායකයා සඳහන් කළා.

Share This