පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය වැළඳුණු ‘කම්හලේ’ 120කට කොවිඩ් – දහසක් සේවයේ

පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය වැළඳුණු ‘කම්හලේ’ 120කට කොවිඩ් – දහසක් සේවයේ

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සිදු කළ PCR පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ පිළිබඳව අද (21) ස්වර්ණවාහිනිය පත්තරේ වැඩසටහනේද අවදානය යොමු කෙරුණා.

ඒ අනුව ඉකුත් දින කිහිපය තුළ මෙම කර්මාන්ත ශාලාවෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම හේතුවෙන් ජූලි 19 වන දා එහි අංශ කිහිපයක සේවක සේවිකාවන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර තවත් සේවක සේවිකාවන් 20 දෙනෙකුගේ ලබා ගත් ජෛව සාම්පල් පරීක්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබෙනවා.

එහිදී PCR පරීක්ෂණවලින් සේවක සේවිකාවන් 109 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කරන ලද සේවක සේවිකාවන් විසි දෙදෙනාගේ ජෛව සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීමේදී එයින් පස් දෙනෙකුට ඩෙල්ටා වෛරසය ආසාදිත වී ඇති බවයි අනාවරණය වී ඇත්ත‍ේ‍‍.

මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සේවය කරන බවයි වාර්තාවන්නේ.

Share This