fbpx
පස් කන්දක් සමග ගසක් කඩා වැටෙයි – හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා.

පස් කන්දක් සමග ගසක් කඩා වැටෙයි – හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා.

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග ගසක් කඩා වැටී තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් මෙම අනතුර සිදුව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට අද පස්වරු 3 සිට 5 දක්වා පැය දෙකක කාලයක් බාධා ඇති වුණා.

මේ අතර කාසල්රි , මවුස්සාකැලේ යන ජල පෝෂක ප්‍රදේශවලට සහ හැටන් ප්‍රදේශවලට අද පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙනමින් පවතින බවද අප වාර්තාකරු සඳහන් කළා.

 

Share This