fbpx
පලු ගසක් කැපූ තිදෙනකු අත්අඩංගුවට

පලු ගසක් කැපූ තිදෙනකු අත්අඩංගුවට

වැල්ලවාය, හදපානාගල ඕලුගල රජයේ කැලයේ තිබූ වසර ගනනක් ඉපැරැණි පලු ගසක් කැපූ පුද්ගලයන් තිදෙනකු වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් විසින් රාත්‍රි කාලයේ දී මෙම ගස කපා කුටිටි කර ඇති අතර එම පලු ගස වසර සිය ගනනාවක් ඉපැරැණි පලු ගසක් බව වනසංරක්ෂණ නිලධාරීන් සදහන් කල බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකමක මෙතෙක් තක්සේරු කර නොමැත බව වනසංරක්ෂණ නිලධාරීන් සදහන් කල අතර එම දැව තොගය වනසංරක්ෂණ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හදපානාගල උල්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This