fbpx
පතරොම් 12 ක් හා වල් ඌරුමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

පතරොම් 12 ක් හා වල් ඌරුමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම මඩු කුංජිකුලම් ප්‍රදේශයේදී නීති විරෝධී තුවක්කුවක්, පතරොම් 12 ක් හා වල් ඌරුමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකුව පොලීසිය විසින් 19 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම අම්ඩු පොලීසිය මන්නාරමේ සිට මීගමුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මේ ද්‍රව්‍ය හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 34 හා 52 ක පුද්ගලයින් වන අතර ඔවුන් මන්නාරමේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

මන්නාරම මඩු රක්ෂිත වනයෙන් වල් ඌරන් මැරීම සදහා මොවුන් පැමිණ ඇති බවටත් මරණ ලද වල් ඌරකු මීගමුව දක්වා අලෙවි කිරීමට රැගෙන යමින් සිටි බවත් හෙළි වී තිබෙනවා.

සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This