fbpx
ධවල මන්දිරයෙන් ඉවත්වීමට ට්‍රම්ප්ගෙන් කොන්දේසියක්

ධවල මන්දිරයෙන් ඉවත්වීමට ට්‍රම්ප්ගෙන් කොන්දේසියක්

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දීරයෙන් පිටව යාම සම්බන්ධයෙන් පළමුවරට ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කර ඇති බවට නිල වශයෙන් තහවුරු වුවහොත් පමණක් තමන් ධවල මන්දිරයෙන් නික්ම යන බව ඔහු සදහන් කරනවා.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී විශාල වංචාවක් සිදුවූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ප්‍රකාශ කර තිබෙනවා.

Share This