fbpx
ධනවත්ම ක්‍රීඩා තරුව ෆෝමියුලා ශූර හැමිල්ටන්

ධනවත්ම ක්‍රීඩා තරුව ෆෝමියුලා ශූර හැමිල්ටන්

මේ වසරේදී ෆෝමියුලා 1 තරග බිමේ 6 වැනි ශූරතාවත් දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් එරට ධනවත්ම ක්‍රීඩා තරුව ලෙස අභිෂේක ලබා තිබෙනවා. 35 හැවිරිදි මේ විශිෂ්ට මෝටර් රථ ධාවකයාගේ වත්කම පසුගිය වසරේදී පවුම් මිලියන 37 කින් ඉහළ ගිය අතර මේ වනවිට පවුම් මිලියන 224කට හිමිකම් කියමින් වසර 32 ක ඉතිහාසයක් ඇති ලොව ධනවත්ම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී තිබෙනවා.

පවුම් මිලියන 170ක වත්කමක් ඇති ගොල්ෆ් ක්‍රීඩක රෝරි මැක්රෝරි එම ලැයිස්තුවට හැමිල්ටන්ගෙන් පසුව ඇතුළත් වූ එකම බ්‍රිතාන්‍ය ජාතිකයා වනවා.

මර්සිඩීස් ඒ.එම්.ජී. ෆෝමියුලා කණ්ඩායම නියෝජනය කරන ලුවිස් හැමිල්ටන් ජාත්‍යන්තර ෆෝමියුලා තරග බිමේ වඩාත්ම සාර්ථක තරගකරුවා වනවා. වසර 2008 දී සිය මංගල ෆෝමියුලා ශූරතාව දිනාගැනීමෙන් පසුව ඔහු ලොව පුරා විවිධ ෆෝමියුලා තරගාවලි දිග් විජය කරමින් සිය ආධිපත්‍ය පතුරුවාලීමට සමත් වුනා.

Share This