fbpx
දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට පියවර

දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට පියවර

දේශීය හඳුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටළුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්කුරු නිෂ්පාදකයින්ගේ පාර්ශ්වය සහ අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ආයතනයන්හි ප්‍රධානීන් එක් කරගනිමින් විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කර්මාන්ත අමාත්‍යංශයේ දී පවත්වනු ලැබුවා

මේ වනවිට ඔවුන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ හඳුන්කුරු නිෂ්පාදනයට අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන උණ කූරූ අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි වීම බව මෙම සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් හඳුන්කුරු නිෂ්පාදකයින් ඇමතිවරයාට පෙන්වා දී තිබෙන අතර එහිදී ඇමතිවරයා විසින් පැමිණ සිටි නිලධාරින් අමතා දේශීය වශයෙන් එම උණ කූරු නිෂ්පාදනයට අවශ්‍ය උණ වගාකිරීමට ඇති හැකියාව විමසා බැලුවා

වර්තමාන රජය හඳුන්කුරු ආනයනය නතර කිරීම නිසා දේශීය වෙළෙන්දාට හොඳ වෙළදපොළක් විවෘතව ඇති බවත් එම අවශ්‍යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදකයාට හැකියාව ඇති නමුත් උණ කූරු නොමැති වීම නිසා එම ව්‍යාපාර අවදානම් සහගත තත්වයට පත්ව ඇති බවත් නිෂ්පාදකයෝ මෙහිදී පෙන්වා දුන්නා .

එහිදී ඇමතිවරයා පැමිණි සිටි නිලධාරීන්ට උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් දේශීය උණ කුරූ ලබා ගැනීමට අවශ්‍ය උණ වගාවන් සිදුකරන ලෙසටයි

මිට අමතරව උණ ගස් කැපීමට සහ ප්‍රවාහනයට ඇති බාධාවලට විසදුම් ලබාදුනහොත් එයින් පාරිභෝගිකයා වෙත අඩු මිලට හදුන්කුරු ලබාදීමට හැකියාව පවතින බවත් දේශීය හඳුන්කුරු නිෂ්පාදකයෝ පැහැදිලි කළ අතර ඒ සදහා ද කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වන බව අමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කර සිටියා

Share This