fbpx
දේශීය ගොවියා ආරක්ෂා කිරීමට පියවර

දේශීය ගොවියා ආරක්ෂා කිරීමට පියවර

දේශීය ගොවියා ආරක්ෂා කර දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අදිටනින් කහ, ඉඟුරු වැනි බෝග ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා

ඉදිරියේදී රට තුල ඉල්ලුම සපුරා ගැනීම මෙන්ම විශ්ව විද්‍යාල මගින් සුළු අපනයන බෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කර අතිරික්තය අපනයනය කීරීමට කටයුතු කරනු ලැබෙන බවයි වාර්තා වන්නේ .

කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව උක්, බඩ ඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සවංර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබදව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා

මෙරට වාර්ෂික බඩ ඉරිගු ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 05ක් .

එය සපුරාගැනීමට වගා කළයුතු බිම් ප්‍රමාණය හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක් වන අතර දැනට හෙක්ටයාර 80,000ක බඩ ඉරිගු වගා කෙරෙන අතර ඉදිරි වසර අවසානය වන විට හෙක්ටයාර එක්ලක්ෂ දස දහසක බිම් ප්‍රමාණයක් අස්වැද්දීම රජයේ අරමුණයි.

ගම්මාන 100 ක කහ සහ ඉගුරු වගාකිරීමට පියවර ගෙන ඇති අතර කුරුඳුගහ හැතැම්ම ප්‍රදේශයේ අපනයන කලාපයක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා

මිරිස් පරිභෝජනය වෙනුවට ජනතාව අතර ගම්මිරිස් ප්‍රචලිත කිරිමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් අතර විශ්ව විද්‍යාල මගින් සුළු අපනයන බෝග ආශ්‍රිත අගය එකතුකිරිමේ නිෂ්පාදන පිළිබඳ පර්යේෂණ පුළුල් කිරීමද අවශ්‍යය බවත් අවධාරණය කර තිබෙනවා

Share This