
දේශීය ගිනි අවියක් සමග STF අත්අඩංගුවට පත් වූ සැකකරු
T56 වර්ගයේ උණ්ඩ භාවිතා කළ හැකි දේශීය ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාක්ෂාව කඩවීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක අයෙක්.
එසේම, T56 උණ්ඩයක් ද ඔහු සතුව තිබී හමු වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර තිබුණේ.