fbpx
දීපාවලී  උත්සවයෙන් පසු නිවසට පැමිණ සැඟව  සිටි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වෙයි –  සැමියා ස්වයං නිරෝධායනයට

දීපාවලී උත්සවයෙන් පසු නිවසට පැමිණ සැඟව සිටි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වෙයි – සැමියා ස්වයං නිරෝධායනයට

දෙමටගොඩ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අඹුසැමි යුවලක් දිපාවලි උත්සවයෙන් පසු තලවකැලේ සෙන් ක්ලෙයාර් වත්තේ තම ඥාති නිවසකට පැමිණ සැඟවී සිටියදී මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම කාන්තාවට සිදු කල පී .සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම කාන්තාවට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසනවා.

ඉකුත් 16 වන දින දින අඹුසැමි යුවල කොළඹ සිට තලවකැලේට පැමිණ අදාළ ඥාති නිවසේ නතර වි ඇති අතර , සැමියා බිරිඳව තලවකැලේ ඥති නිවසේ නතර කර ඔහු පදිංචි ලිදුල පොලිස් වසමට අයත් ලිපකැලේ වතුයායට ගොස් තිබෙනවා.

කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට ලද තොරතුරක් මත තලවකැලේ නිවසට ගොස් පරික්ෂා කිරිමේදි 22 හැවිරිදි කාන්තාව පමණක් නිවසේ සිට ඇති අතර ,එම කාන්තාවගේ පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඇගේ සැමියාව ඔහු පදිංචි ලිපකැලේ වතුයායේම ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා..

අඹු සැමි යුවල දෙමටගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයක සේවය කර ඇති බවටද සෞඛ්‍යය අංශ විසින් තහවුරු කරගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවගේ සමිපතයන් කිහිප දෙනෙකුද ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර එම කන්තාවගේ සැමියාද පී .සී .ආර් පරික්ෂණයට භාජනය කරන බවත්, ආසාදිත කාන්තාව මාතර කඹුරුගමුව නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කල බව ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ජනත් අබේගුණරත්න මහතා සඳහන් කළා.

Share This