fbpx
දිය ඇල්ලකින් පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ තරුණයෙක් පොලිසියෙන් බේරාගැනේ

දිය ඇල්ලකින් පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ තරුණයෙක් පොලිසියෙන් බේරාගැනේ

දිය ඇල්ලකින් පහළට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ 23 හැවිරිදි තරුණයෙකු බේරා ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ නිලධාරින් පිරිසක් අද (16) සමත්වී තිබෙනවා.

හැටන් ඇබොස්ලි වතු යායේ සිට මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ජලය ගලා බසිනා දිය ඇල්ලට ඉහළින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු සැක සහිත ලෙස රැඳී සිටින බව දුටු එම වතු යායේ කම්කරුවෙකු, ඒ පිළිබඳව හැටන් පොලිසිය වෙත දන්වා තිබෙනවා.

ඒ සමග හැටන් පොලිසියේ නිලධාරින් පිරිසක් එම දිය ඇල්ල අසලට ගොස්, ස්ථාන කිහිපයකින් අදාළ තරුණයා වෙත ළඟා වී අල්ලා ගැනීමට සමත්වී තිබෙනවා.

මානසික රෝගයකින් පෙළෙන බව පවසන එම තරුණයා, හැටන් රොතැස් වතු යායේ පදිංචිකරුවෙකු වන අතර, දෙමව්පියන් සමග උරණ වී සියදිවි හානි කර ගන්නා බව පවසා නිවසෙන් පැමිණ ඇති බව එම තරුණයාගේ මව හැටන් පොලිසියට පවසා තිබෙනවා.

පොලිස් භාරයට ගත් එම තරුණයා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, මනෝ වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දෙමව්පියන් වෙත භාර දීමට කටයුතු කරන බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමා කියා සිටියා.

Share This