fbpx
දියණිය ඝාතනය කළ පියෙකුට මරණ දඬුවම

දියණිය ඝාතනය කළ පියෙකුට මරණ දඬුවම

තම දියණිය ඝාතනය කළ පියෙකුට නුවරඑළිය මහා අධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඔහු 2014.10.24 දින රාත්‍රී තම නිවසේ දී වයස අවුරුදු තුනහමාරක් වයසැති දියණියගේ ගෙල සිරකර ඝාතනය කර තිබුණා.

මෙම පුද්ගලයාගේ බිරිඳ කුවෙට් රාජ්‍යයේ ගෘහසේවය සඳහා 2014 වසරේ දී විදෙස්ගත වී ඇති අතර එහිදී ඇය මෙරට තරුණයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඇය සිය ස්වාමියාට හා ඔහුගේ දරුවන්ට නොසලකා හැරීම හේතුවෙන් විරසක වී සිටි ස්වාමියා මෙලෙස සිය දියණියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ

Share This