fbpx
දැව ජාවාරමක යෙදුණු තිදෙනෙකු අත්අඩංගුවට

දැව ජාවාරමක යෙදුණු තිදෙනෙකු අත්අඩංගුවට

රන්මිනිතැන්න, අටේකොලනිය ප්‍රදේශයේ ජංගම ඉරුම් පට්ටලයක් යොදා ගනිමින් දැව ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී ඉරන ලද ලෑලි සහ බාල්ක කඳන් 83 ක්ද, ඉරීම සඳහා යොදාගත් අත් ට්‍රැක්ටරයක් ඇතුළු ඉරුම් උපකරණ තොගයක්ද සිය බාරයට ගෙන නීතිමය පියවර ගැනීම සඳහා ලුණුගම්වෙහෙර අඩවි වන කාර්යාලයට භාරදුන් බවයි කඳවුරු භාර නිලධාරී පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතා ප්‍රකාශ කලේ.

මෙම නීති විරෝධී දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බව වැටලීම් කළ නිලධාරීන් සඳහන් කළා.

Share This