fbpx
දරුවන්ට නොමනා වැඩකළ ගුරුවරයාට දෙමව්පියන් පාඩම් උගන්වයි (VIDEO)

දරුවන්ට නොමනා වැඩකළ ගුරුවරයාට දෙමව්පියන් පාඩම් උගන්වයි (VIDEO)

සිසුන් කිහිප දෙනෙකු ලිංගික අපචාරයට ලක් කළ බව කියන වලස්මුල්ල ප්‍රදේශයේ උපකාර පන්ති ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපයෝජනයට ලක් වූ බව කියන දරුවන්ගේ දෙමව්පියන් විසින් අදාළ උපකාරක පන්ති ගුරුවරයාට පහරදී පොලිසියට භාරදීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ,

කලක සිට උපකාරක පන්ති කළ සිදුකර ඇති මෙම ගුරුවරයා පන්ති පවත්වන අවස්ථාවේදී දරුවන් ලිංගික අපයෝජනවලට ලක් කර ඇති බවට දරුවන් කළ දැනුම්දීමකට අනුව ඊයේ දිනයේදී දෙමව්පියන් විසින් කොටුකරගෙන තිබෙනවා.

පසුව එම පුද්ගලයා පුටුවකට තබා ගැට ගසා පහරදීමක් ද සිදුකර තිබෙනවා.

දරුවන් ලිංගික අපයෝජනයට ලක් කෙරෙන වීඩියෝ දර්ශන කිහිපයක් අදාළ ගුරුවරයා පටිගත කර ඇති බවටත් මවුපියන් චෝදනා කරනවා.

සැකකාර ගුරුවරයා පොලීසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු පොලිස් ආරක්ෂාව මත ප්‍රතිකාර සඳහා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

Share This