fbpx
තුන්දහසක් සමග වසා දැමුණු පොදු නිවාස සංකීර්ණය

තුන්දහසක් සමග වසා දැමුණු පොදු නිවාස සංකීර්ණය

ඔස්ට්‍රේලියාව පුරා දෙවෙනි කොරෝනා වෛරස රැල්ල පැතිර යාමත් සමග, මෙල්බර්න් නගරයම සති හයකට නැවත වසා දැමීමට එරට රජය නියෝග කර තිබෙනවා.

නමුත් පොදු නිවාස ගොඩනැගිලි සංකීර්ණයක වෙසෙන 3,000 ක පමණ පිරිසකට ඊටත් වඩා දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මෙල්බර්න් නුවර අනෙක් පදිංචිකරුවන්ට මෙන් නොව අදාළ ගොඩනැගිලි නවයේ දිවි ගෙවන පුද්ගලයන්ට කිසිදු හේතුවක් නිසා ඉන් පිටව යා නොහැකි අතර දැඩි පොලිස් ආරක්ෂාව ද යොදා තිබෙනවා.

එය ඔස්ට්‍රේලියාව තුළ මෙතෙක් දක්නට ලැබුණ ඉතාම දැඩි ලොක්ඩවුන් ක්‍රියාවලිය වනවා.

‘ෆ්ලෙමින්ග්ටන්’ සහ උතුරු මෙල්බර්න්හි තදාසන්න ප්‍රදේශවල “රැඳවුම් නියෝග” සැලසුම් කර ඇත්තේ සමහර ගොඩනැගිලිවලින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සැළකිල්ලට ගනිමිනි. වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් අදාළ ගොඩනැගිලි වසා දැමීමේ නියෝගය රූපවාහිනියෙන් සජීවීව ප්‍රකාශයට පත් කළ විගස සිය ගණනක් පොලිසිය අදාළ ස්ථානයට යවා තිබෙනවා.

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගොඩනැගිල්ල වසා දැමීම ගැන පුවත පැතිරයත්ම බොහෝ දෙනෙකු භීතියට පත්ව තිබෙන අතර එහි පදිංචිකරුවන් අතර බෙදා හරින ලද නිල ලිපියක සඳහන් වූයේ වසා දැමීම දින පහේ සිට දාහතරක කාලයක් දක්වා පැවතිය හැකි බවයි.

Share This