fbpx
ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අද සිට වම්පස මංතීරුවේ ධාවනයට රියැදුරන්ට උපදෙස්

මංතීරු නීතීයට අනුව, ත්‍රීරෝද රථ සහ යතුරු පැදි, අද සිට වම්පස මංතීරුවේ ධාවනය කරන ලෙස පොලීසිය රියැදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, මංතීරු නීතිය ක්‍රියාත්මක කළ ඊයේ හා පෙරේදා දිනවල සිදුවූ අඩුපාඩු වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

කොළඹ ප්‍රධාන මාර්ග 4 ක අදත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළා.

Share This