fbpx
ත්‍රීරෝද රථ සහ යතුරුපැදිත් හෙට සිට බස් මං තීරුවේ

ත්‍රීරෝද රථ සහ යතුරුපැදිත් හෙට සිට බස් මං තීරුවේ

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි, බස්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි එකම මංතීරුවක ධාවනය කළ යුතු බව, පොලීසිය පවසනවා.

මංතීරු නීතිය ඊයේ සිට යළි ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව බස් රථ, මාර්ගයේ වම් කෙළවර මංතීරුවේ ධාවනය කිරීම සිදු කෙරුණා.

නව ක්‍රමවේදය අනුව බස් රථවලට අමතරව ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ද එම මංතීරුවේ ධාවනය කළ යුතු වනවා.

මේ අතර කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 04 ක් කේන්ද්‍රකරගනිමින් රථවාහන තදබදය අවම කිරීම සඳහා පනවා ඇති මංතීරු නීතිය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ, අනුව බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල්, බේස්ලයින් හන්දිය දක්වා මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව මංසන්ධියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද වටරවුම, ඩී.එස්.සේනානායක මංසන්ධිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

මීට අමතරව ගාලුපාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර මංසන්ධිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම දක්වා වන මාර්ගයේ ද මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

එමෙන්ම අනුලා විද්‍යාලය ආසන්නයේ සිට හයිලෙවල් මාර්ගයේ, බේස්ලයින් මංසන්ධිය, පාර්ක් පාර මංසන්ධිය, තිඹිරිගස්යාය මංසන්ධිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් සහ පිත්තල හන්දිය දක්වා ද මංතීරු නීතිය ක්‍රියාත්මක වනවා.

Share This