fbpx
ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

රත්නපුර – අවිස්සාවේල්ල මාර්ගයේ දිවුරුම්පිටිය ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක ඊට පිටුපසින් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 48, 53 සහ 57 යන වයස්වල පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This