fbpx
ත්‍රිකුණාමලයට පැමිණි ඉන්දියානු නැවේ සියල්ලටම කොරෝනා

ත්‍රිකුණාමලයට පැමිණි ඉන්දියානු නැවේ සියල්ලටම කොරෝනා

ත්‍රීකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එම නැවෙහි සිටි පුද්ගලයකු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වීම හමුවේ සමස්ත කාර්ය මණ්ඩලයම PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙය තහවුරු වී තිබෙන අතර ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 4000 ක් ප්‍රවාහනය කරමින් තිබු එම නැව ත්‍රීකුණාමලය වරායට පැමිණීමට පෙර කොළඹ වරායට ද පැමිණ තිබෙනවා.

මේ අතර එම නෞකාව සහ කාර්යය මණ්ඩලය ඉන්දියාවට පිටත් කර හැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This