fbpx
ත්‍රස්ත ක්‍රියාවකට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියාවකට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළේ යැයි සැකපිට ස්විස්ටර්ලන්තයේ ලුගානෝ නම් නගරයේ දී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම සැකකාරිය විසින් සාප්පු සංකීර්ණයක් තුළ දී කාන්තාවන් දෙදෙනෙකුට තුවාල සිදුකර ඇති බව වාර්තා වනවා. එහිදී සැකකාරිය විසින් එක කාන්තාවකගේ ගෙල සිරකිරීමට උත්සහ දරා ඇති අතර අනෙක් කාන්තාවගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිස් වාර්තා සඳහන් කරනවා.

එක් කාන්තාවක්ට බරපතළ බව සඳහන් අතර අනෙක් කාන්තාව සුළු තුවාල ලබා තිබෙනවා.

ජිහාඩ් ත්‍රස්තවාදය ගැන 2017දී සිදුකළ පරීක්ෂණවලදී මෙම කාන්තාව සම්බන්ධයෙන්ද එරට ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් කරුණු සොයාබලා තිබෙනවා.

Share This