fbpx
තවත් ඇඟලුම් කම්හලක සේවිකාවකට කොවිඩ් ආසාදනය වෙයි

තවත් ඇඟලුම් කම්හලක සේවිකාවකට කොවිඩ් ආසාදනය වෙයි

කහතුඩුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වූ බව යුදහමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව හෙද නිලධාරිනියගේ ආශ්‍රිතයින් 250 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බවයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසන්නෙ.

ඉකුත් 3 වනදා මෙම සාත්තු සේවිකාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති අතර නැවත නිවසට පැමිණ සිටියදී කොවිඩ් රෝග ලක්ෂණ මතු වීම නිසා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ 3 කදී ඇයට රෝගය මෙසේ ආසාදනය වී ඇති බවයි තහවුරැ වී ඇත්තේ .

ඒ අනුව අදාල සේවිකාවට කොරෝනා රෝගය මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදනය වන්නට ඇති බවටයි සෞඛ්‍ය බලධාරීන් සැක පල කරන්නේ.

මේ තත්ත්වය තුළ දාල සේවිකාව දින කිහිපයක් සේවයට වාර්තා කර ඇති නිසා එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සමීප ආශ්‍රිතයින් 250 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කරන අතර එහි ප්‍රතිඵල වාර්තාවට අනුව කර්මාන්තශාලාවේ සෙසු සේවකයන් පිළිබඳව පියවරගන්නා බවයි වාර්තා වන්නේ.

මෙම කර්මාන්ත ශාලාවේ දැනට සේවකයින් දෙදහස් හයසියයකට ආසන්න පිරිසක් සේවය කරන බවයි අප වාර්තාකරැ පවසන්නේ.

Share This