fbpx
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මැයි 15 වැනිදා වනවිට 3‍%කට වඩා වැඩි අගයකින් අවප්‍රමාණ වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත් යූරෝල ස්ටර්ලින් පවුම වැනි වෙනත් විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මැයි මස පළමු සතිය තුල සිදු වූ අතිප්‍රමාණය වීමත් සමග විනිමය අනුපාතය යළි ක්‍රමයෙන් ස්ථාවර වී ඇති බව මහබැංකු දත්ත පෙන්වා දෙනවා.

පසුගිය කාලය තුල රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂවද අවප්‍රමාණය වුණා.

කෙසේ වෙතත් කැනේඩියානු සහ ඕස්ට්‍රේලියානු ඩොලරයන්ට සාපේක්ෂව රුපියල 4‍% කට වඩා වැඩි අගයන්ගෙන් අතිප්‍රමාණය වී තිබීම කැපී පෙනෙන කරුණක්.

ඊට අමතරව යුරෝ, ස්ටර්ලින් පවුම සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

Share This