fbpx
ටෝනි ඕපාත දිවියෙන් සමුගනී

ටෝනි ඕපාත දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ඔහු ප්‍රථම වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් 1971 දී ක්‍රීඩා කළ අතර 1975 සහ 1979 දී එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා.

දකුණත් වේගපන්දු යවන්නෙකු වන ඔහු එක්දින තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබුණු අතර නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබුණා.

Share This