fbpx
ජැක්මා ආපසු ඇවිත්

ජැක්මා ආපසු ඇවිත්

චීනයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන “ජැක් මා” සති කිහිපයකට පසුව පළමුවරට සමාජය හමුවේ අද (20) පෙනී සිට තතිබෙනවා

පසුගිය මාසය පුරාවට චීන බලධාරීන් විසින් ඔහුගේ ව්‍යාපාර ගැන දැඩිලෙස සොයාබැලූ අතර එම කාලයේදී ඔහුව කිසිදු අයුරකින් දක්නට ලැබුණේ නැහැ.

බිලියනපතියෙක් වන “අලිබාබා සමුහයේ” ප්‍රධානියා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ගුරුවරුන් 100 දෙනෙක් සමග අද අදහස් හුවමාරු කරගත් බව වාර්තා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජැක් මා කොහිද යන්න පිළිබඳව සැක මතුවුයේ මේ මස මුලදී “අප්‍රිකා ව්‍යාපාරික වීරයෝ” නම් රූපවාහිනී වැඩසටහනට ඔහු එකතු නොවීම හේතුවෙන්.

Share This