fbpx
ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව තිබෙනවා.

සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමිව තිබෙනවා.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු බෙදී ගිය ආකාරය පහතින් දැක්වේ.

Share This