ජයසූරිය එන්නත ලබාගත් පදනම ඇමති රමේෂ් කියයි

ජයසූරිය එන්නත ලබාගත් පදනම ඇමති රමේෂ් කියයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා COVID19 එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් පසු ගිය දින කිහිපය තුළ මතවාදී කතා බහක් මතුව තිබුණා.

අද පැවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී , හිතවත්කම් මත එන්නත්කරණය සිදු කිරීම සහ සනත් ජයසූරිය මහතා එන්නත ලබා ගත් පදනම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

එයට පිළිතුරු ලබා දුන් අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, මෙම එන්නත ආරක්‍ෂිත නොවන බවට විපක්ෂය මතු කළ චෝදනා අසත්‍ය බව පෙන්වා දීමටත්, ජනතාව තුළ එන්නතට පවතින බිය නැති කිරීමටත් මෙලෙස ප්‍රසිද්ධ පුද්ගලයින්ට එන්නත ලබා දීම සිදු කිරීම සුදුසු බවයි.

එය සමබරව දකින ලෙසත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම කිසිදු හිතවත්කමක් පදනම් කරගනිමින් කිසිදු අවස්ථාවක එන්නත්කරණය සිදු නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ප්‍රමුඛතාවය මත පදනම්ව හඳුනාගත් මිලියන 14ක් වන මෙරට ජනතාවට කඩිනමින් එන්නත ලබා දීමට රජයට අභිලාශයක් පවතින බවද රමේෂ් පතිරණ මහතා සඳහන් කළා.

Share This