fbpx
ජපානයේ පාලක පක්ෂයේ නව නායකයා සුගා

ජපානයේ පාලක පක්ෂයේ නව නායකයා සුගා

ජපානයේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස යොෂිහයිඩේ සුගා තේරී පත් වුණා.

පක්ෂ නායකත්වයට තේරී පත් වූ යොෂිහයිඩේ සුගා ජපානයේ අග්‍රාමාත්‍යවරයා බවටද පත්වනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

අයහපත් සෞඛ්‍ය හේතූන් මත අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමගයි නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සිදුවූයේ.

71 හැවිරිදි සුගා මහතා වත්මන් පරිපාලනයේ ප්‍රධාන කැබිනට් ලේකම් ලෙස සේවය කරනවා.

ඒ සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියටද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ඔහු තවදුරටත් පවසා සිටිනවා.

Share This