fbpx
ජන ගැටළු විසඳන්න ජනපති ගමින් ගමට

ජන ගැටළු විසඳන්න ජනපති ගමින් ගමට

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සැලසුම් කර තිබෙනවා.

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම එතුමාගේ අපේක්ෂාව වන අතර ඒ සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළමුව තෝරාගෙන තිබෙනවා.

Share This